පෝලන්තයෙන් ප්‍රහාරක ජෙට් යානා හතරක් යුක්‍රේනයට

පෝලන්තයෙන් ප්‍රහාරක ජෙට් යානා හතරක් යුක්‍රේනයට

පෝලන්තය මිග් ප්‍රහාරක ජෙට් යානා හතරක් ඉදිරි දිනවලදී යුක්‍රේනයට යවනු ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

පසුගිය වසරේ රුසියාව සහ යුක්‍රේනය අතර යුද ගැටුම් ඇතිවීමෙන් පසු යුක්‍රේනයට මිග් ප්‍රහාරක ජෙට් යානා යැවූ පළමු නේටෝ රට බවට පෝලන්තය පත්වනු ඇති

යුක්‍රේනය මීට පෙර බටහිර රටවලින් F-16 වැනි නවීන ප්‍රහාරක ජෙට් යානා ඉල්ලා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

රුසියාවේ ආක්‍රමණය ආරම්භයේදී යුක්‍රේනය සතුව සටන් කළ හැකි ගුවන් යානා 120ක් පමණ තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

පෝලන්තය යුක්‍රේනයේ ප්‍රබල මිත්‍ර රාජ්‍යයක් වන අතර එය විශාලතම හමුදා උපකරණ සපයන රටවලින් එකක් බවයි පැවසෙන්නේ

Share This