ඵලදායී රාජ්‍ය සේවයක් සැපයීම සදහා රාජ්‍ය ආයතනවල අභ්‍යන්තර කටයුතු ඒකක පිහිටුවීමට එ.ජා. සංවර්ධන වැඩසටහනේ සහය

ඵලදායී රාජ්‍ය සේවයක් සැපයීම සදහා රාජ්‍ය ආයතනවල අභ්‍යන්තර කටයුතු ඒකක පිහිටුවීමට එ.ජා. සංවර්ධන වැඩසටහනේ සහය

සුපිළිපන් රාජ්‍ය සේවයක් ගොඩනැඟීම සඳහා රජය ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙළට සහාය ලබා දෙන බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) නිත්‍ය නේවාසික නියෝජිත අසූසා කුබෝටා (Azusa Kubota) මහත්මිය පවසනවා.

ඒ මහත්මිය මේ බව සඳහන් කළේ අද (13) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා හමු වූ අවස්ථාවේදීයී.

ඵලදායී රාජ්‍ය සේවයක් සැපයීම වෙනුවෙන් සියලුම රාජ්‍ය ආයතනවල අභ්‍යන්තර කටයුතු ඒකක පිහිටුවීමට රජය ආරම්භ කර තිබෙන වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාම සහ කාර්ය මණ්ඩල පුහුණු කිරීම වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ සහාය තවදුරටත් ලබාගැනීම යන කරුණු පිළිබඳව මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.

රාජ්‍ය ආයතන තුළ දූෂණය වැළැක්වීම, විනිවිදභාවය සහ වගවීම සහතික කිරීම, සදාචාර සම්පන්න පාලනයක් ප්‍රවර්ධනය කිරීම, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සමඟ සහයෝගයෙන් නීතිය බලාත්මක කිරීමට සහාය වීම මෙම ඒකක පිහිටු වීම මගින් අපේක්ෂිතයි.

එසේම රාජ්‍ය නිලධාරින්ගේ සදාචාරාත්මක හැසිරිම් ප්‍රවර්ධනය කරමින්, රාජ්‍ය ආයතන තුළ සුපිළිපන් සංස්කෘතියක් වර්ධනය කිරීමට වැඩසටහන් හඳුන්වාදීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරුණු අතර එම වැඩසටහන් සඳහා සහාය ලබා දීමට සූදානම් බව අසූසා කුබෝටා මහත්මිය ජනාධිපති ලේකම්වරයා වෙත සහතික වී තිබෙනවා.

 

 

Share This