බංග්ලාදේශ අගමැතිනියට ඉල්ලා අස්වන ලෙස බලකරමින් විරෝධතා

බංග්ලාදේශ අගමැතිනියට ඉල්ලා අස්වන ලෙස බලකරමින් විරෝධතා

බංග්ලාදේශයේ අගමැති Sheikh Hasina ට ඉල්ලා අස්වන ලෙස බල කරමින් ලක්ෂයකට අධික ජනතාවක් විරෝධතාවයක නිරත වෙමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

විරෝධතාකරුවන් පවසන්නේ නිදහස් හා සාධාරණ ඡන්දයකට ඉඩ දීම සඳහා අගමැති Sheikh Hasina ඉල්ලා අස්විය යුතු බවයි.

එරට ප්‍රධාන විරුද්ධ පක්ෂ දෙකක වන බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂය (BNP) සහ විශාලතම ඉස්ලාමීය පක්ෂය වන ජමාත්-ඊ-ඉස්ලාමි පක්ෂයේ ආධාරකරුවන් ලක්ෂයකට අධික සංඛ්‍යාවක් ඩකා නුවරට රැස්ව මෙලෙස විරෝධතාවයේ නිරත වන බව සඳහන්.

වත්මන් අගමැතිනිය වසර 15ක් බලයේ සිටින බවත් ඇයගේ රජයට දූෂණ හා මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා

කෙසේ වෙතත් ප්‍රචණ්ඩත්වය වැලැක්වීම සඳහා අවම වශයෙන් පොලිසිය 10,000 ක් යොදවා ඇති අතර විරෝධතාකරුවන් පාලනය කිරීම සඳහා පොලිසිය කඳුළු ගෑස් සහ රබර් උණ්ඩ ප්‍රහාර එල්ල කර ඇති බවයි එම වාර්තාවල වැඩිදුරටත් සඳහන් වන්නේ

Share This