බංග්ලාදේශ විපක්ෂ නායකයා අත්අඩංගුවට

බංග්ලාදේශ විපක්ෂ නායකයා අත්අඩංගුවට

බංග්ලාදේශයේ විපක්ෂ නායක සහ ඔහුගේ පක්ෂයේ සාමාජිකයින් රැසක් ඩකාහි පැවති ආණ්ඩු විරෝධී විරෝධතා වලින් පසුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බංගලාදේශ ජාතිකවාදී පක්ෂයේ (BNP ) මහලේකම් Mirza Fakhrul Islam Alamgir චෝදනාවලට මුහුණ දී සිටින අය අතර සිටින බවයි නිලධාරියෙක් පවසන්නේ

අගමැතිනි Sheikh Hasinaට ඉල්ලා අස්විය යුතු යැයි කියමින් සති අන්තයේ දස දහස් සංඛ්‍යාත විරෝධතාකරුවන් පැමිණ සිටි බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

එක් පොලිස් නිලධාරියෙකු මෙන්ම එක් විරෝධතාකරුවෙකු මිය ගොස් තිබෙනවා.

75 හැවිරිදි Mirza Fakhrul Islam Alamgir අත්අඩංගුවට ගැනීමට පැහැදිලි හේතුවක් නොමැති බවයි වාර්තා වන්නේ

එමෙන්ම බංග්ලාදේශයේ අගවිනිසුරුවරයාගේ නිවසට එල්ල වූ බව කියන ප්‍රහාරයක් සම්බන්ධයෙන් ඔහු රඳවාගෙන සිටි බව ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා .

සෙනසුරාදා විරෝධතාවයේදී පොලිස් නිලධාරියා මිය යාමෙන් පසු මිනීමැරුම් චෝදනාවක් සම්බන්ධයෙන් ඔහුට සහ තවත් BNP සාමාජිකයින් 164 දෙනෙකුට චෝදනා එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

Share This