බටලන්ද කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කෙරේ

බටලන්ද කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කෙරේ

බටලන්ද කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කර තිබෙනවා.

සභානායක බිමල් රත්නායක මහතා විසින් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.

එහිදී ඔහු ප්‍රකාශ කර සිටියේ අදාළ වාර්තාව සම්බන්ධයෙන් දින දෙකක විවාදයක් සිදුකරන බවයි.

එමෙන්ම අදාළ වාර්තාව සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇති බැවින් එය නීතිපතිවරයා වෙත යොමු කිරීමටයි තීරණය වී ඇත්තේ.

ඒ අනුව බටලන්ද කොමිෂන් සභා වාර්තාව පිළිබඳවූ ඉදිරි කටයුතු කිරීම සඳහා වන උපදෙස් යෝජනා කිරීමට විශේෂ කමිටුවක් පත් කිරීමට ද තීරණය වී තිබෙනවා.

Share This