බටලන්දේ දී දෙදෙනෙක් විදුලි සැර වැදී ජීවිතක්ෂයට (වීඩියෝ)
පැල්මඩුල්ල, බටලන්ද ප්රදේශයේ දී අනවසරයෙන් පතල් කැණීමට ගිය පුද්ගලයින් දෙදෙනෙක් විදුලි සැර වැදීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
බටලන්ද ප්රදේශයේ වෙල්යායක දී පුද්ගලයින් දෙදෙනෙකුට විදුලි සැර වැදී ඇති බවට ඊයේ (11) රාත්රියේ පැල්මඩුල්ල පොලිස් ස්ථානය වෙත තොරතුරක් ලැබී තිබුණා.
ඒ අනුව පොලිසිය එම ස්ථානයට ගොස් අදාල පුද්ගලයින් දෙදෙනා කහවත්ත රෝහලට ඇතුළත් කර ඇති අතර එම අවස්ථාවේ දීත් ඔවුන් දෙදෙනා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 28 සහ 38 යන වයස්වල පසු වූ බටලන්ද ප්රදේශයේම පදිංචිකරුවන් දෙදෙනෙක්.
මොවුන් අවසරයෙන් පතල් කැණීමට ගොස් මෙම අනතුරට මුහුණ පා ඇති බවයි අනාවරණය වී ඇත්තේ.
සිද්ධිය සම්බන්ධයෙන් පැල්මඩුල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.