බටහිර ලන්ඩනයේ මහල් නිවාසයකින් මළසිරුරු හතරක් සොයා ගැනේ

බටහිර ලන්ඩනයේ මහල් නිවාසයකින් මළසිරුරු හතරක් සොයා ගැනේ

බටහිර ලන්ඩනයේ මහල් නිවාසයක තිබී  මළ සිරුරු හතරක් හමුවී තිබෙනවා.

පොලිසිය පවසන්නේ ලද තොරතුරකට අනුව හවුන්ස්ලෝහි ස්ටේන්ස් පාරේ පිහිටි නිවසකට ඇතුළු වූ විට, වයස අවුරුදු 11 ක ගැහැණු ළමයෙකු සහ අවුරුදු 03 පිරිමි ළමයෙකුගේ මළ සිරුරුද වයස අවුරුදු 30ක පිරිමි පුද්ගලයෙකු සහ කාන්තාවකගේ මළ සිරුරු හමුවූ බවයි.

මියගොස් ඇති ඇති සිව්දෙනා එකම පවුලේ අය බවට සැක කරන බවයි පොලිසිය සඳහන් කරන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ විමර්ශන අංශයේ රහස් පරීක්ෂකවරුන් විසින් වැඩිදුර විමර්ශන සිදු කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Share This