බණ්ඩාරවෙල මහ නගර සභාව ජා.ජ.බ. යට
නගරාධිපති විෂ්ව වික්‍රම

බණ්ඩාරවෙල මහ නගර සභාව ජා.ජ.බ. යට

විපක්ෂයේ පක්ෂවලට වැඩි මන්ත්‍රි ධුර සංඛ්‍යාවක් හිමිව තිබූ බණ්ඩාරවෙල මහ නගර සභාවේ බලය මන්ත්‍රිවරු 05 දෙනකු පමණක් සිටි ජාතික ජන බලවේගයට හිමිවුණා.

ඒ නගරාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා අද පැවති ඡන්ද විමසීමේදී ස්වාධීන කණ්ඩායම් දෙකක මන්ත්‍රිවරුන් දෙදෙනෙකුගේ සහය ජාතික ජන බලවේගයට හිමි වීමත් සමඟයි.

පසුගිය පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී බණ්ඩාරවෙල මහ නගර සභාවේ සභික ධුර 16න් වැඩි සභික ධුර සංඛ්‍යාවක් ජාතික ජන බලවේගයට හිමිවූ තිබුණත් විපක්ෂයේ සියලු පක්ෂවල සභිකයන්ගේ එකතුව ඊට වැඩි වුණා.

එහි ඡන්ද ප්‍රතිඵලය දැක්වුණේ ජාතික ජන බලවේගයට සභික ධුර 06ක්, ස්වාධීන අංක 01 කණ්ඩායමට සභික ධුර 05ක්, සමගි ජන බලවේගයට සභික ධුර 03ක්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක් සභික ධුරයක් සහ ස්වාධීන අංක 02 කණ්ඩායමට තවත් සභික ධුරයක් ලෙසයි.

ඒ අනුව ජාතික ජන බලවේගයට සභික ධුර 06ක් හිමිවෙද්දී විපක්ෂයට සභික ධුර 10ක් හිමිවී තිබීම නිසා විපක්ෂයෙන් ඒකාබද්ධව නගරාධිපතිවරයෙකු පත් කර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ වුනා.

ඒ සඳහා ඡන්ද විමසීම අද දිනයට නියමිතව තිබූ අතර සමගි ජන බලවේගය තමන්ට ලැයිස්තුවෙන් හිමිවූ සභික ධුර 03 ට පුද්ගලයින් නම් කර තිබුණේ නැහැ..
ඒ අනුව අද වන විට ගැසට් කර තිබුණේ ජාතික ජන බලවේගයේ සභිකයන් 06 දෙනාගේ සහ විපක්ෂයේ සෙසු 07 දෙනාගේ නම් පමණයි.

මේ පසුබිම මත අද ඡන්දය ආරම්භ වන විට සභික සංයුතිය දැක්වුණේ ජාතික ජන බලවේගයට සභික ධුර 06ක් සහ විපක්ෂයට සභික ධුර 07ක් ලෙසයි.
ඡන්දය ආරම්භ වූ අවස්ථාවේදී ජාතික ජන බලවේගයෙන් නගරාධිපති ධුරයට විෂ්ව වික්‍රම මහතාගේ නම යෝජනා කළා.

Share This