
බණ්ඩාරවෙල හෙරොයින් ජාවාරමේ බූතයෝ 24 ක් කොටුකර ගනී
බූතයා යන අන්වර්ත නාමයකින් පෙනී සිටින හෙරොයින් ජාවාරමට සම්බන්ධ හෙරොයින් බෙදා හරින පුද්ගලයෙක් සහ හෙරොයින් සන්තකයේ තබා ගත් සැකකරුවන් 24 ක් අත්අඩංගුවට ගත් බව කැප්පෙටිපොල පොලිසිය පවසනවා.
මෙම සැකකරුන් 24 දෙනා අත්අඩංගුවට ගෙන දින 6 ක් තුල සිදුකළ මෙහෙයුමකදීයි.
සීසීටීවී දර්ශන සහ දුරකථන වට්ස්ඇප් පණිවිඩ හරහා මෙම මෙහෙයුම සිදු කර ඇති අතර දියතලාව, ඇල්ලේගම සහ බණ්ඩාරවෙල ප්රදේශවලදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට පත් සැකකරුවන් බණ්ඩාරවෙල , දියතලාව සහ ඌව පරණගම, අඹගස්දෝව යන ප්රදේශවල පදිංචි වයස අවුරුදු 20 ත් 25 ත් අතර වයසේ පසුවන පුද්ගලයින්.
පොලීසිය පැවසුවේ මොවුන් සන්තකයේ තිබී කුඩා හෙරොයින් පැකැට් 84 ක් පොලිසිය විසින් සොයා ගෙන ඇති අතර එහි බර ග්රෑම් 6 කට ආසන්න බවයි.
