
බත්තරමුල්ලේ නිවසක තිබූ මෝටර් රථයක් ගිනිගෙන විනාශයි
බත්තරමුල්ල ,බටපොත ප්රදේශයේ නිවසක් තුළ නවතා තිබූ මෝටර් රථයක් හදිසියේම ගිනිගෙන සම්පූර්ණයෙන්ම විනාශ වුණා.
මෙම ගින්න හටගෙන තිබුණේ රාත්රී 9 පමණයි.
කෝට්ටේ මහනගර සභාවේ ගිනි නිවන රථයක් පැමිණ ගින්න නිවා දැමීමට කටයුතු කළ ද රථය සම්පූර්ණයෙන් විනාශ වුණා.