බද්දේගම නිවසක් තුළ අභිරහස් ලෙස ඝාතනය වූ කාන්තාවකගේ සිරුරක්

බද්දේගම නිවසක් තුළ අභිරහස් ලෙස ඝාතනය වූ කාන්තාවකගේ සිරුරක්

බද්දේගම පොලිස් වසමේ, බද්දේගම ගාලුපාරේ සන්දරවල ප්‍රදේශයේ දෙමහල් ගොඩනැගිල්ලක උඩු මහලේ තිබී කපා කොටා ඝාතනය කළ බවට සක කෙරෙන කාන්තා මලසිරුරක් හමුවී තිබෙනවා.

බද්දේගම පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් එම නිවස පරික්ෂා කිරීමේදී නිවසේ පදිංචිව සිටි කාන්තාව නිවසේ සාලය තුල යටිකය නිරුවත්ව මියගොස් සිටි අතර මෘත ශරීරයෙන් ලේ වහනය වී ඇති බවටත් නිරික්ෂණය වී තිබුණා.

අදාල කාන්තාව එම නිවසේ ඉහළ මහලේ තනිව වාසය කර ඇති අතර එම ගොඩනැගිල්ලේ පහත මාලයේ විදුලි උපකරණ අලුත්වැඩියා කරන ස්ථානයක් පවත්වාගෙන ගොස් තිබුණා.

එම කාන්තාව දින කිහිපයක සිට දක්නට නොලැබීම සහ නිවසේ විදුලි පහන් දල්වා තිබූ බැවින් සැකයක් පවතින බවටත් පහත මාලයේ විදුලි උපකරණ අලුත්වැඩියා කරන ස්තානයේ හිමිකරු බද්දේගම පොලිස් ස්ථානයට දැනුම් දී තිබුණා.

බද්දේගම පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ රාත්‍රියේ එම නිවස පරික්ෂා කිරීමේදී අදාල කාන්තාව නිවසේ සාලය තුල යටිකය නිරුවත්ව මියගොස් සිටින ආකාරය දක්නට ලැබී තිබෙනවා.

ඒ අනුව පොලිසිය සැකපළ කරන්නේ මෙම කාන්තාවගේ මරණය කපා කොටා සිදුකරන ලද ඝාතනයක් බවට බවයි.

මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ 48 හැවිරිදි ප්‍රියංජලි රත්නා මල්කාන්ති ගුනසේකර නැමැති කාන්තාවක්.

ඒ අනුව මෘත ශරීරයට අදාල මහේස්ත්‍රාත් පරීක්ෂණය පොලිස් ආරක්ෂාව යටතේ සිද්ධිය වූ ස්ථානයේදී බද්දේගම වැඩ බලන මහේස්ත්‍රාත් නයන කීර්ති අභයදිර මහතා විසින් අද අලුයම දෙකට පමණ සිදු කර තිබෙනවා.

අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ගාල්ල ජාතික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත අදාල සිරුර භාර දෙන ලෙස මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කළා.

Share This