බදු වාර්තා නොවැම්බර් 30 ට කලින් නොදුන්නොත් වැඩේ තදයි

බදු වාර්තා නොවැම්බර් 30 ට කලින් නොදුන්නොත් වැඩේ තදයි

එළඹෙන නොවැම්බර් 30 හෝ ඊට පෙර 2024-2025 තක්සේරු වර්ෂයට අදාළ ආදායම් බදු වාර්තා භාරදීම අනිවාර්ය බව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් රුක්දේවි ප්‍රනාන්දු මහත්මිය පවසයි.

ආදායම් බදු සඳහා ලියාපදිංචි වී ඇති සියලුම පුද්ගලයන් 2024-2025 තක්සේරු වර්ෂයට අදාළ ආදායම් බදු වාර්තා මාර්ගගතව (Online) හෝ එදිනට පෙර භාරදීම අනිවාර්ය බවයි දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් රුක්දේවි ප්‍රනාන්දු මහත්මිය පවසන්නේ.

නිසි පරිදි නියමිත දිනට ආදායම් බදු වාර්තා භාර නොදෙන පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදු වන බවත් දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් ප්‍රනාන්දු මහත්මිය සඳහන් කරනවා.

Share This