බන්ධනාගාර ගතව සිටි පාකිස්ථාන ජාතික සිරකරුවන් 56ක් යළි එරටට

බන්ධනාගාර ගතව සිටි පාකිස්ථාන ජාතික සිරකරුවන් 56ක් යළි එරටට

සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුම් යටතේ මෙරට බන්ධනාගාරගතව සිටි පාකිස්ථාන ජාතික සිරකරුවන් 56ක් පාකිස්ථානයට මාරු කළ බව බන්ධනාගාර කොමසාරිස්, මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී. දිසානායක මහතා පවසනවා

මෙරට මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් සිරදඩුවම් ලබමින් සිටින පාකිස්ථාන ජාතික සිරකරුවන් මෙලෙස අද (06) මාරු කිරීමට කටයුතු කළ බවයි ඔහු පැවසුවේ

මේ අනුව කොළඹ බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපල වෙත පැමිණෙන පාකිස්ථාන රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් 64 ක් භාරයේ බන්ධනාගාර ගතව සිටින පාකිස්ථාන ජාතික පිරිමි රැඳවියන් 51ක්, කාන්තා රැඳවියන් 05ක් එරටට යවා තිබෙනවා

මෙම ගිවිසුම යටතේ රැඳවියන්ගේ සිර දඬුවම සිය මව් රටේ බන්ධනාගාර තුළදී ක්‍රියාත්මක වන බව සඳහන්

බන්ධනාගාර දෙපාර්තමේන්තු ඉතිහාසය තුළ වැඩිම රැඳවියන් පිරිසක් මේ ආකාරයෙන් මාරුකිරීම සිදු කරන ප්‍රථම අවස්ථාව මෙය වනවා

Share This