බන්ධනාගාර තුළ සැප ජීවිතය ගැන වාර්තාවක් කැඳවීමට පියවර

බන්ධනාගාර තුළ සැප ජීවිතය ගැන වාර්තාවක් කැඳවීමට පියවර

මත්ද්‍රව්‍ය පානය කරමින් බන්ධනාගාරය තුළ සැපවත් ජීවිතයක් ගතකරන රැඳවියෙකු සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝවකට අදාළව වාර්තාවක් කැඳවීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

එසේ සංසරණය වන්නේ ගාල්ල බන්ධනාගාරයේ හෝ බූස්ස බන්ධනාගාරයේ රැඳවියකු සම්බන්ධ වීඩියෝවක් බව බන්ධනාගාර දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරනවා.

මේ සම්බන්ධයෙන් එම බන්ධනාගාර දෙකෙහි අධිකාරීවරුන්ගෙන් වාර්තා කැඳවීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ.

මේ අතර ගාල්ල බන්ධනාගාරයේ සී වාට්ටුව තුළ රැඳවියන් ජංගම දුරකථන භාවිත කරන බවට බන්ධනාගාර බුද්ධි අංශ වෙත මීට පෙරත් තොරතුරක් ලැබී තිබුණි.

එම බුද්ධි අංශ කළ දැනුම් දීමකට අනුව ගාල්ල බන්ධනාගාරයේ නිලධාරීන් විසින් අදාළ වාට්ටුවේ හදිසි වැටලීමක් සිදු කර ඇති අතර එහිදී එම වාට්ටුවේ සඟවා තිබූ ජංගම දුරකථන දෙකක් ගාල්ල බන්ධනාගාරයේ නිලධාරීන් විසින් සොයාගෙන ඇත.

එම ජංගම දුරකථන දෙක වැඩිදුර විමර්ශන සඳහා බන්ධනාගාර බුද්ධි අංශ වෙත භාර දී තිබේ.

Share This