බන්ධනාගාර සැකකරු කොළඹ ජාතික රෝහලේ දී අඩව්වක් අල්ලයි

බන්ධනාගාර සැකකරු කොළඹ ජාතික රෝහලේ දී අඩව්වක් අල්ලයි

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිට කොළඹ ජාතික රෝහලේ මනෝ වෛද්‍ය සායනය වෙත සැකකරුවෙක් ඉදිරිපත් කිරීම සදහා බන්ධනාගාර නිලධාරීන් භාරයේ රැගෙන ගොස් සිටියදී පළා යාමට උත්සාහ කර තිබෙනවා.

එම සායනයේ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට පෙර මාංචු ඉවත් කිරීමට ගිය අවස්ථාවේදී නිලධාරීන්ගේ අත්අඩංගුවෙන් මිදී පලායාමට උත්සහ දරා ඇතැයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළා.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක පැවසුවේ සැකකරු කොළඹ ජාතික රෝහලේ ප්‍රධාන දොරටුව අසලදී නිලධාරීන් නැවත අත්අඩංගුවට ගත් බවයි.

එම අවස්ථවේදී සැකකරු අසල තිබූ විදුරු බෝතලයක් කඩා නිලධාරියෙකු වෙත ප්‍රහාරයක් එල්ල කර ඇති බවත්, එය වලක්වා ගෙන සැකකරු නැවත් අත්අඩංගුවට ගෙන රෝහල් සායනය වෙත ඉදිරිපත් කර නැවත බන්ධනාගාරය වෙත ඇතුලත් කළ බවටත් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් ජේලර්වරයෙකු යොදවා මූලික විමර්ශණයක් සිදු කිරීමට කටයුතු කර තිබෙනවා.

Share This