බයිඩන් ගාසා තීරයට ආධාර සැපයීම ගැන ජෝර්දාන රජු සමග සාකච්ඡා

බයිඩන් ගාසා තීරයට ආධාර සැපයීම ගැන ජෝර්දාන රජු සමග සාකච්ඡා

පසුගිය පැය කිහිපය තුළ එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් ජෝර්දානයේ දෙවන අබ්දුල්ලා රජු සමග දුරකථන ඇමතුමක් ලබා දෙමින් ගාසා තීරයට ආධාර සැපයීම ගැන සාකච්ඡා කර තිබෙනවා

එහිදී ඊශ්‍රායල-පලස්තීන ගැටුම සම්බන්ධයෙන් වන අනෙකුත් කරුණු අතර ගාසා තීරයේ නවතම වර්ධනයන් සහ ගැටුම්කාරී තීරයට ආධාර ලබාදීම වේගවත් කිරීමේ ක්‍රම පිළිබඳව නායකයන් දෙදෙනා සාකච්ඡා කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

එක්සත් ජනපද ජනාධිපතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා ඇත්තේ ඊශ්‍රායලය තම පුරවැසියන් ආරක්ෂා කරන අතර ත්‍රස්තවාදයට එරෙහිව සටන් කරන බැවින් සිවිල් ජීවිත ආරක්ෂා කිරීමේ සහ ජාත්‍යන්තර මානුෂීය නීතියට ගරු කිරීමේ වැදගත්කම නැවත අවධාරණය කරන බවයි

පලස්තීනුවන් ගාසා තීරයෙන් පිටතදී බලහත්කාරයෙන් අවතැන් නොකළ යුතු බවට එකඟ වූ ජනාධිපතිවරයා ස්වාධීන පලස්තීන ජාතියක් නිර්මාණය කිරීම ඇතුළත් කල්පවත්නා සහ තිරසාර සාමයක්ද ඉල්ලා තිබෙනවා .

Share This