
බලන්ගොඩ, නන්පේරියල් ගින්නෙන් අක්කර 100 කට වැඩි ප්රමාණයක් විනාශයි
ඛලන්ගොඩ සුන්දර නන්පේරියල් කඳුවැටියේ පෙරේදා සිට ගිනි ගනිමින් පවතින බව වාර්තා වනවා.
ඊයේ දවස පුරා යුදහමුදා නිලධාරින් හා සමනල වැව පොලිසිය ගින්න පාලනය කිරමට උත්සාහ කළ ද සාර්ථක වී නැහැ.
ගින්න නිවීමට සමනල වැව පොලිසිය හා යුද හමුදාව එක්ව අද දිනයේත් කටයුතු කරන බව වාර්තා වුණා.
ඊයේ රාත්රිය පුරා ගින්න පැතිරෙමින් පැවති අතර මෙයින් අක්කර සියයට වැඩි ප්රමාණයක් විනාශ වි ඇතැයි සදහන්.