බව්සර් රථයට යටවී කාන්තාවක් මරුට

බව්සර් රථයට යටවී කාන්තාවක් මරුට

අනුරාධපුර පූජා නගරයේ සිංහ කණුව වටරවුමේදී ඊයේ රාත්‍රියේ ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබූ බව්සර් රථයකක ගැටී කාන්තාවක් ජීවිතයක්ෂයට පත්ව තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ ඊයේ රාත්‍රි හතයි තිහට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි.

කොළඹ සිට අනුරාධපුර ඉන්ධන තොග ගබඩාවට ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබූ බව්සර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව  තිබුණා.

අනතුරෙන් එම කාන්තාව බව්සර් රථයට යට වී එම ස්ථානයේදීම මියගොස් සිටි බව පොලීසිය පැවසුවා.

බව්සර් රථය වටරවුමෙන්  හැරවීමේදී මෙම කාන්තාව බව්සර් රථයේ පිටුපස රෝදයේ ගැටී ඊට යටවී ඇති බවත් අනතුර සම්බන්ධයෙන් බව්සර් රථයේ රියදුරු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලිසිය සඳහන් කළා.

 

Share This