බස් ගාස්තු ක්‍රම දෙකකට (වීඩියෝ)

බස් ගාස්තු ක්‍රම දෙකකට (වීඩියෝ)

අසුන් ගණනට වැඩියෙන් මගීන් ප්‍රවාහනය කිරිම නතර නොකරන්නේ නම් ඉදිරියේ දී මගී ප්‍රවාහන බස් රථවලට සිටගෙන යන මගින් සඳහා වෙනම ගාස්තුවක් හඳුන්වා දෙන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා.

ආසන ගත මගීන් ප්‍රමාණය ඉක්මවා මගීින් රැගෙනයාම දිගින් දිගටම සිදුවන බැවින් මෙම තීරණය ගැනීමට සිදුවන බවයි රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

ඉකුත් 05 වැනිදා සිට මගී ප්‍රවාහන බස්රථවල ගාස්තු ඉහළ දැමීමට රජය පියවර ගත්තේ කොරෝනා අර්බුදය හේතුවෙන් වැටී තිබූ මගී ප්‍රවාහන ෙක‍ෂ්ත්‍රයට යම් සහනයක් ලබාදීමේ අරමුණින්.

ඒ මගී බස්රථ හිමියන් හා ප්‍රවාහන බලධාරින් අතර පැවති සාකච්ඡාවලට අනුව ඉන්ධන මිල සහ අමතර කොටස්වල මිල ඉහළයාම ද සැලකිල්ලට ගනිමින්.

එම සාකච්ඡාවල දී බස් ගාස්තු 16%කින් වැඩි කිරීමට ප්‍රවාහන බලධාරින් එකඟතාව පළකළේ කොන්දේසි කිහිපයක් සමඟයි.

ආසනගත ප්‍රමාණයට පමණක් මගීන් ප්‍රවාහනය කිරීම එම කොන්දේසි අතර ප්‍රධාන වුණා.

එහෙත් බස් ගාස්තු වැඩි කළ දා සිටම එම එකඟතාවය කඩ කරමින් මගී බස්රථවල ආසන ගත මගීන් ඉක්මවා මගීන් ප්‍රවාහනය කරන අයුරු දිවයිනේ බොහෝ ප්‍රදේශවලදී නිරීක‍ෂණය වුණා.

මගී ප්‍රවාහන බස්රථ අදාළ කොන්දේසිය කඩ කරමින් දිගින් දිගටම කටයුතු කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා මාධ්‍ය හමුවේ මෙලෙස අදහස් පළකළා.

 

Share This