බස්නාහිර පළාත උතුර,පොලිස් අපරාධ කොට්ටාශයේ දෙදෙනෙක් අල්ලස් ගනිද්දී අත්අඩංගුවට

බස්නාහිර පළාත උතුර,පොලිස් අපරාධ කොට්ටාශයේ දෙදෙනෙක් අල්ලස් ගනිද්දී අත්අඩංගුවට

රුපියල් එක්ලක්ෂ අසූ දහසක (රු.180,000/-) මුදලක් අල්ලස් ලෙස ඉල්ලා, ලබාගත් ශ්‍රී ලංකා පොලීසියේ අපරාධ කොට්ටාශයේ (බස්නාහිර පළාත උතුර දිශාව) පොලිස් කොස්තාපල්වරයකු සහ පොලිස් කොස්තාපල් රියදුරකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම අත් අඩංගුවට ගැනීම සිදු කළේ රාගම ප්‍රදේශයේ ත්‍රීරෝද රථ රියදුරකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුවයි.

සැකකරුවන් පසුගිය 07 වන දින පැමිණිලිකරු මත් කුඩු විකුණන බවට නිවස පරීක්ෂා කර, මත් කුඩු ග්‍රෑම් 50 ක් තිබූ බවට නඩු පවරන බවට බොරු චෝදනා කර, ඊට නඩු නොදමා සිටීමට රුපියල් ලක්ෂ පහක (රු.500,000/-) මුදලක් ඉල්ලා තිබෙනවා.

පසුව ,එම මුදල රුපියල් ලක්ෂ දෙකකට (රු.200,000/- ) අඩු කර, එම අවස්ථාවේ දී රුපියල් විසි දහසක (රු.20,000/-) මුදලක් ඉල්ලා ලබාගත් පැමිණිල්ලට අනුව සිදු කරන ලද විමර්ශනවලින් පසුව ඉදිරිපත් වූ සාක්ෂි මත ඉතිරි මුදල වන රුපියල් එක් ලක්ෂ අසූදහසක (රු.180,000/-) ක මුදල ඉල්ලා ලබා ගැනීමටයි සැලසුම් කර තිබී ඇත්තේ.

එම මුදල ලබා දෙන තෙක් ඇපයට තබාගන්නා ලද පැමිණිලි කරුගේ බිරිඳගේ විදේශ ගමන් බලපත්‍රය ඊයේ (09) ආපසු ලබා දී රු.180,000/- ක මුදල ඉල්ලා භාරගැනීම යන අවස්ථාවේ අදාල පොලිස් නිලධාරීන් දෙදෙනා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් ඊයේ (09 ) අත්අඩංගුවට ගත්තා.

 

Share This