බස්නාහිර පළාතේ මෙන් උසස් සෞඛ්‍ය සේවාවක් උතුරු පළාත තුළ දියුණු කරනවා -ජනපති රනිල්- (VIDEO)

බස්නාහිර පළාතේ මෙන් උසස් සෞඛ්‍ය සේවාවක් උතුරු පළාත තුළ දියුණු කරනවා -ජනපති රනිල්- (VIDEO)

බස්නාහිර පළාතේ මෙන් උසස් සෞඛ්‍ය සේවාවක් සහිත පළාතක් ලෙස උතුරු පළාතේ සෞඛ්‍ය සේවාව දියුණු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ මාන්කුලම් මූලික රෝහලේ වෛද්‍ය පුනරුත්ථාපන චිකිත්සාව සහ මානසික සෞඛ්‍ය සංවර්ධන මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්.

නෙදර්ලන්ත රජයේ සහයෝගය ඇතිව රුපියල් මිලියන 4500 ක වියදමින් යුතුව මෙම වෛද්‍ය මධ්‍යස්ථානය ඉදිකර තිබෙනවා.

උතුරු පළාතේ විශාලතම වෛද්‍ය පුනරුත්ථාපන චිකිත්සාව සහ මානසික සෞඛ්‍ය සංවර්ධන මධ්‍යස්ථානය මෙය වන බව සඳහන්.

එය මානසික වෛද්‍ය පුනරුත්ථාපන ඒකකයක්, හදිසි අනතුරු ඒකකයක්, ශල්‍යාගාරයක්, රසායනාගාරයක් මෙන්ම විකිරණ ඒකකයක්, බාහිර රෝගී අංශයක් හා දැඩි සත්කාර ඒකකයකින් සමන්විතයි.

 

 

Share This