
බස්නාහිර පුද්ගලික බස් රථවල ටිකට් නැතිව ගමන් කළ මගීන්ට සහ ටිකට් නොදුන් කොදොස්තරලාට දඩ
බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය අද (15) පුද්ගලික බස් රථවල ගමන් ගන්නා මගීන්ට ටිකට් පත් නිකුත් කිරීම පරීක්ෂාවට ලක් කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ නිලධාරීන් බස් රථ පරීක්ෂාවට ලක් කළ අතර ටිකට් පත් ලබානොගත් මගීන්ට දඩ නිකුත් කළ අතර ඇතැම් බස් රථ වල කොන්දොස්තරවරුන් නිකුත් කර තිබුණේ වෙනත් මාර්ගවලට අයත් ටිකට් පත්.
මෙම සියලු දෙනාට දඩකොළ නිකුත් කිරීම සිදු කෙරුණා.