බ්‍රසීල ගුවන් අනතුරේ මියගිය සියලු දෙනාගේ සිරුරු සොයාගනී

බ්‍රසීල ගුවන් අනතුරේ මියගිය සියලු දෙනාගේ සිරුරු සොයාගනී

බ්‍රසීලයේ සාඕ පවුලෝ ප්‍රාන්තයේ සිදුවූ ගුවන් අනතුරින් මියගිය සියලු දෙනාගේම සිරුරු සොයාගෙන ඇති බව එරට බලධාරීන් තහවුරු කර තිබෙනවා.

ඒ අනුව අදාළ අනතුරින් මියගිය සංඛ්‍යාව 62ක් වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ගුවන් යානය ජනාකීර්ණ ප්‍රදේශයකට කඩා වැටුණු නමුත් වෙනත් කිසිඳු පුද්ගලයෙකුට හානියක් සිදුව නොමැති බව සඳහන්.

සියලු මෘත ශරීර පොලිස් මෘත ශරීරාගාරයකට ගෙන යමින් සිටින අතර එහිදී ඔවුන් හඳුනාගෙන පවුල් වෙත ඒවා භාර දීමට නියමිතව තිබෙනවා.

Share This