බ්‍රසීලයේ නව ජනපති ලෙස ලූලා ද සිල්වා දිවුරුම් දෙයි

බ්‍රසීලයේ නව ජනපති ලෙස ලූලා ද සිල්වා දිවුරුම් දෙයි

බ්‍රසීලයේ නව ජනාධිපතිවරයා ලෙස ලූලා ද සිල්වා දිවුරුම් දී තිබෙනවා.

ඔහු මීට පෙර 2003 සහ 2010 අතර කාලයේදී බ්‍රසීලයේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කර ඇති අතර තෙවන වරටයි ඔහු යළිත් ජනාධිපති ධුරයට පත් වුණේ.

පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේ පැවති ජනාධිපති මැතිවරණයෙන් ලූලා ද සිල්වා සියයට 50.9 ක් ලබා ගත්තා.

එම ජයග්‍රහණයත් සමග ජයිර් බොල්සනාරෝ ජනාධිපතිවරයාට සිය ධුරය අහිමි වුණා.

Share This