බ්‍රසීලයේ පෙර පාසලකට ඇතුළු වූ අයෙක් දරුවන් සිව් දෙනෙක් මරා දමලා -දින තුනක ශෝක කාලයක්

බ්‍රසීලයේ පෙර පාසලකට ඇතුළු වූ අයෙක් දරුවන් සිව් දෙනෙක් මරා දමලා -දින තුනක ශෝක කාලයක්

දකුණු බ්‍රසීලයේ Blumenau නගරයේ පෙර පාසලකට ඇතුළු වූ පුද්ගලයෙකු එහි ක්‍රීඩා පිටියේ සිටි කුඩා දරුවන් හතර දෙනෙකු මරා දමා ඇති බව ප්‍රාදේශීය බලධාරීන් පවසා තිබෙනවා.

පෙර පාසලට ඇතුළු වූ 25 හැවිරිදි මෙම පුද්ගලයා විසින් එල්ල කළ ප්‍රහාරයකින් තවත් ළමුන් හතර දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඔවුන්ගෙන් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බව පැවසෙන්නේ

ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා අත්අඩංගුවේ පසුවනවා

ක්‍රීඩා පිටියේ සිටි පිරිමි ළමුන් තිදෙනෙකු සහ ගැහැණු ළමයෙකු මිය ගොස් ඇති බවත් ඔවුන් අවුරුදු 4- 7 අතර වයසේ පසුවන්නන් යැයිද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

ප්‍රහාරය සිදුවන අවස්ථාවේ ළමුන් 40 ක් පමණ සිට ඇති බවද වාර්තා වනවා.

මේ සිදුවීම හේතුවෙන් Santa Catarina ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා දින තුනක ශෝක කාලයක් ප්‍රකාශ කර තිබෙනවා .

Share This