බ්‍රසීලයේ බිහිසුණු ගුවන් යානා අනතුරෙන් 61 දෙනෙකු මරුට

බ්‍රසීලයේ බිහිසුණු ගුවන් යානා අනතුරෙන් 61 දෙනෙකු මරුට

බ්‍රසීලයේ සාඕ පවුලෝ ප්‍රාන්තයේ සිදුවූ ගුවන් යානා අනතුරකින් එහි සිටි 61 දෙනාම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා

විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ එහි මගීන් 57 දෙනෙක් සහ කාර්ය මණ්ඩලය හතර දෙනෙකු සිටි බවයි.

ද්විත්ව එන්ජින් සහිත turboprop යානය දකුණු ප්‍රාන්තයේ Paraná හි Cascavel සිට Sao Paulo නගරයේ Guarulhos ගුවන් තොටුපළ දක්වා පියාසර කරමින් සිටියදීයි Vinhedo නගරයට කඩා වැටුණු බව Voepass ගුවන් සේවය පැවසුවේ

සාඕ පවුලෝ ප්‍රාන්ත ආණ්ඩුකාර Tarcísio Gomes de Freitas දින තුනක ශෝක කාලයක් ද ප්‍රකාශයට පත් කර තිබෙනවා

Share This