බ්‍රිතාන්‍ය කඳු නගින්නෙකු තැබූ වාර්තාව

බ්‍රිතාන්‍ය කඳු නගින්නෙකු තැබූ වාර්තාව

ප්‍රකට බ්‍රිතාන්‍ය කඳු නගින්නෙකු වන Kenton Cool වාර්තාගත ලෙස 17 වන වරටත් එවරස්ට් කන්ද තරණය කර තිබෙනවා.

වැඩිම වාර ගණනක් එවරස්ට් කන්ද තරණය කළ ලොව දෙවන පුද්ගලයා ලෙස ඔහු සැළකෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එමෙන්ම Kenton Cool එවරස්ට් කන්ද වැඩිම වාර ගණනක් තරණය කළ පළමු විදේශිකයා ද වනවා.

එවරස්ට් කන්ද වැඩිම වාර ගණනක් තරණය කර ඇත්තේ නේපාල ජාතික Kami Rita Sherpa වන අතර ඔහු 28 වතාවක් එවරස්ට් කන්ද තරණය කර ඇති බව සඳහන්.

2004 වසරේ දී කඳු නැගීම ආරම්භ කළ Kenton Cool 49 හැවිරිදි වියේ පසුවනවා.

ලබන වසරේ දී ද එවරස්ට් කන්ද තරණය කිරීමට සැලසුම් කර ඇති ඔහු ඉදිරි වසර 3 ක කාලය තුළ කඳු නැගීම අවසන් කිරීමට ද තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

Share This