බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව විසුරුවයි

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව විසුරුවයි

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ඊයේ (30) විසුරුවා තිබෙනවා.

ඒ අනුව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට නව මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනීම සඳහා වන මහ මැතිවරණය ජුලි 04 වැනිදා පැවැත්වීමට නියමිතව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙවර මහ මැතිවරණයෙන් වසර 14කට පසු කම්කරු පක්ෂ ආණ්ඩුවක් බිහිවන ලකුණු පෙනෙන්නට ඇති බවයි ඇතැම් දේශපාලන විචාරකයන් පෙන්වා දී ඇත්තේ.

පාර්ලිමේන්තුව විසුරුවා හරින විට බ්‍රිතාන්‍ය අගමැති ධුරය දරමින් සිටියේ කොන්සර්වේටිව් පක්ෂයේ නායක ඉන්දීය සම්භවයක් සහිත රිෂි සුනක්ය.

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට බලපවත්වන පරිදි බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමගම මන්ත්‍රීවරුන් 650 දෙනකුගෙන් සමන්විත බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව සඳහා සාමාජිකයන් තෝරා පත්කර ගැනීම සඳහා සති පහක කාලයක් පැවැත්වෙන මැතිවරණ ව්‍යාපාරයද ඊයේ ආරම්භ වූ බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

Share This