බ්‍රිතාන්‍යයේ ගොඩනැගිලිවලින් හැලෙන කැමරා

බ්‍රිතාන්‍යයේ ගොඩනැගිලිවලින් හැලෙන කැමරා

සංවේදී තොරතුරු එක් රැස් කර ගත හැකි රජයේ කාර්යාලවල සවි කර ඇති නිරීක්ෂණ උපකරණ ඉවත් කරන බව බ්‍රිතාන්‍යය සඳහන් කර  ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා.

ඒ, බ්‍රිතාන්‍ය තුළ ඔත්තු බැලීම සඳහා භාවිතා කළ හැකි ක්‍රම වැළැක්වීමේ සැලසුම්වල කොටසක් ලෙසයි.

රජයේ ගොඩනැගිලිවල චීනයේ නිෂ්පාදිත සීසීටීවී කැමරා සවි කිරීම නැවැත්වීමට බ්‍රිතාන්‍ය සැලසුම් කර තිබුණේ ඉකුත් වසරේ සිටයි.

ප්‍රසම්පාදන නීති දැඩි කිරීම පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් බ්‍රිතාන්‍ය කැබිනට් මණ්ඩල කාර්යාලය පවසා ඇත්තේ චීනයේ ජාතික බුද්ධි නීතියට යටත් සමාගම් විසින් නිෂ්පාදනය කරන ලද නිරීක්ෂණ උපකරණ මධ්‍යම රජයේ ගොඩනැගිලිවලින් ඉවත් කිරීම සඳහා කාලරාමුවක් ප්‍රකාශයට පත් කරන බවයි.

කෙසේවෙතත් චීනය මේ සම්බන්ධයෙන් දැඩි විරෝධය පළ කර තිබෙනවා.

චීනය පවසන්නේ චීන ව්‍යවසායන් මර්දනය කිරීම සඳහා ජාතික ආරක්‍ෂාව පිළිබඳ සංකල්පය ඉක්මවා යාම සම්බන්ධයෙන් සිය රට දැඩි විරෝධය පළ කරන බවයි.

Share This