බ්‍රිතාන්‍යයේ නව කැබිනට් මණ්ඩලයට ඇතුළත් වෙතැයි කියන දකුණු ආසියානු කාන්තාව

බ්‍රිතාන්‍යයේ නව කැබිනට් මණ්ඩලයට ඇතුළත් වෙතැයි කියන දකුණු ආසියානු කාන්තාව

බ්‍රිතාන්‍ය නව අග්‍රාමාත්‍ය ලීස් ට්‍රස්ගේ කැබිනට් මණ්ඩලයට ඉන්දියානු සම්භවයක් සහිත කාන්තාවක් ඇතුළත් වනු ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා.

එම අවස්ථාව බොහෝ දුරට හිමිවනු ඇත්තේ එරට පාර්ලිමේන්තු සභික ස්වෙලා බ්‍රේවමන්ටයි.

ඉන්දීය සම්භවයක් සහිත ඇය එංගලන්තයේ හා වේල්සයේ නීතිපති ලෙස කටයුතු කරනවා.

ලීස් ට්‍රස් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධූරයට තේරී පත්වීමෙන් අනතුරුව එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරිය ලෙස කටයුතු කළ ප්‍රීති පටෙල් සිය ධූරයෙන් ඉල්ලා අස්වුණා.

ඒ අනුව ප්‍රීති පටෙල්ගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ කැබිනට් අමාත්‍ය ධූරයට, ස්වෙලා බ්‍රේවමන් නම් කරනු ඇති බවයි වාර්තා වන්නේ.

 

Share This