බ්‍රසීලයේ ගංවතුරෙන් 19ක් මියයයි -තවත් විශාල පිරිසක් අතුරුදන්
බ්‍රසීලයේ සාඕ පවුලෝ ප්‍රාන්තයට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ඇති වූ ගංවතුර සහ නායයෑම්වලින් අවම වශයෙන් පුද්ගලයන් 19 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
තවත් 9 දෙනෙකු තුවාල ලබා ඇති අතර තවත් විශාල පිරිසක් අතුරුදන් වී ඇති අතර පවුල් 500 කට පමණ නිවාස අහිමි වී ඇති බවයි පැවසෙන්නේ
සාඕ පවුලෝ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ජොඕ ඩෝරියා විසින් ගංවතුරට ලක් වූ ප්‍රදේශ ගුවනින් පරීක්ෂා කිරීමෙන් පසු හදිසි අරමුදල් නිකුත් කර තිබෙනවා.
බලපෑමට ලක් වූ නගර සඳහා හදිසි ආධාර මිලියන 15 ක් (ඩොලර් මිලියන 2.8 ක්; පවුම් මිලියන 2 ක්) ලබා දීමට තමා අවසර දී ඇති බව ඩෝරියා මහතා පැවසීය.
මේ අතර ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් Bahia සහ Minas Gerais ප්‍රාන්තවල පුද්ගලයන් 40කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බවද සඳහන්
ගිනි නිවන භටයින් සහ සෞඛ්‍ය සේවකයින් විපතට පත් වූවන් සොයමින් පැය 24 පුරාම ක්‍රියා කළ නමුත් ප්‍රාදේශීය බලධාරීන් විශ්වාස කරන්නේ පුද්ගලයින් 14 දෙනෙකු පමණ තවමත් අතුරුදහන් වී ඇති බවයි.
ෆෙඩරල් ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යාංශය පැවසුවේ තත්ත්වය නිරීක්ෂණය කරමින් සිටින බවයි.