බාර්සිලෝනා රෝහලේ පරිගණක දත්ත පද්ධතියට සයිබර් ප්‍රහාරයක්

බාර්සිලෝනා රෝහලේ පරිගණක දත්ත පද්ධතියට සයිබර් ප්‍රහාරයක්

ස්පාඤ්ඤයේ බාර්සිලෝනා හි රෝහලේ පරිගණක දත්ත පද්ධතියට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

එරට ප්‍රමුඛ පෙළේ රෝහලක් වන මෙහි දත්ත පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීම සඳහා එරට බලධාරීන් කටයුතු කරමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

සයිබර් ප්‍රහාරය හේතුවෙන් ශල්‍යකර්ම 200 කට ආසන්න සංඛ්‍යාවක් අත්හිටුවීමට ද සිදුව තිබෙනවා.

මෙම තත්ත්වය සැළකිල්ලට ගනිමින් නේවාසික රෝගීන් වෙනත් රෝහල් වෙත යොමු කර ඇති අතර සයිබර් ප්‍රහාරය එල්ල කළ පිරිස් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැති බවයි එරට බලධාරීන් සඳහන් කර ඇත්තේ.

Share This