බැංකු ක්ෂේත්‍රයේ රැකියා සඳහා කාන්තාවන් බඳවා ගැනීමේදී ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ ඉදිරියෙන්ම

බැංකු ක්ෂේත්‍රයේ රැකියා සඳහා කාන්තාවන් බඳවා ගැනීමේදී ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ ඉදිරියෙන්ම

බැංකු ක්ෂේත්‍රයට ප්‍රවේශ මට්ටමින් කාන්තාවන් බඳවා ගැනීමේදී ශ්‍රී ලංකාව දකුණු ආසියානු කලාපයේ ඉහළ ස්ථානයක් ලබාගෙන ඇති බව වාර්තා වනවා.

එය මෑතකදී ලබාගත් ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ වාර්තාවකින් හෙළිදරව් වී ඇති බව සඳහන්.

එහිදී වාර්තා වන්නේ නව බඳවා ගැනීම්වලින් 46%ක් සහ අධ්‍යක්ෂ මණ්ඩල තනතුරුවලින් 27%ක් කාන්තාවන්ගෙන් සමන්විත වන බවයි.

ඒ අනුව ශ්‍රී ලංකාව අධ්‍යක්ෂ මණ්ඩල මට්ටමේ ස්ත්‍රී පුරුෂ විවිධත්වයේ ප්‍රමුඛයා බවට පත් කර ඇති බව වාර්තා වනවා.

‘නැගී එන දකුණු ආසියාතික රටවල බැංකුකරණයේ කාන්තා ප්‍රගතිය’ යන්න මෙහි මූලික තේමාව වී තිබෙනවා.

එහිදී ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව ඕස්ට්‍රේලියානු රජය සමඟ සහයෝගයෙන්, බංග්ලාදේශයේ, නේපාලයේ සහ ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ වාණිජ බැංකු තක්සේරු කර ඇති බව සඳහන්.

Share This