බැක්ටීරියා සහිත MilkShake පානය කර තිදෙනෙක් මරුට

බැක්ටීරියා සහිත MilkShake පානය කර තිදෙනෙක් මරුට

අමෙරිකාවේ වොෂින්ටන් ප්‍රාන්තයේ ලිස්ටීරියා බැක්ටීරියාව අන්තර්ගත වූ MilkShake පානය කිරීමෙන් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් ඇති අතර තවත් තිදෙනෙකු රෝහල්ගතව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පරීක්ෂකයින් විසින් Tacoma හි ජනප්‍රිය burgers සහ milkshakes අවන්හලක අයිස්ක්‍රීම් යන්ත්‍රවල තිබී ලිස්ටීරියා බැක්ටීරියා සොයාගෙන තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම ආපනශාලාව සඳහන් කරන්නේ මෙම ප්‍රවෘත්තිය පිළිබඳව තමන් දැඩි ශෝකයට පත්වන බවයි.

බැක්ටීරියා අන්තර්ගත ආහාර අනුභව කිරීමෙන් පසු දින 70ක් දක්වා මිනිසුන්ට බලපෑම් ඇති විය හැකි බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.

අවන්හලේ අයිස්ක්‍රීම් යන්ත්‍ර නිවැරදිව පිරිසිදු නොකිරීම හේතුවෙන් ආහාර මගින් ලිස්ටීරියෝසිස් රෝගය එම ප්‍රදේශය පුරා පැතිර ගොස් තිබෙනවා. .

රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථාන ඇස්තමේන්තු කර ඇති පරිදි සෑම වසරකම අමෙරිකානුවන් 1,600 ක් පමණ ලිස්ටීරියා ආසාදනය වන අතර 260 ක් පමණ ජිවිතක්ෂයට පත් වනවා.

එහි රෝග ලක්ෂණ ලෙස උණ, මාංශ පේශි කැක්කුම, ව්‍යාකූලත්වය ඇතිවිය හැකි බවත් ගර්භනී අය සඳහා, ගැබ්ගැනීම් අහිමි වීම හෝ නොමේරූ දරු උපත් ඇතිවිය හැකි බවත් සෞඛ්‍ය අංශ වැඩිදුරටත් සඳහන් කරනවා.

Share This