බීමත් ට්‍රැෆික් OICට බදුල්ලේ දී එල්ල වූ විරෝධය (වීඩියෝ)

බීමත් ට්‍රැෆික් OICට බදුල්ලේ දී එල්ල වූ විරෝධය (වීඩියෝ)

බීමතින් තම රාජකාරි යතුරුපැදිය පදවා අනතුරක් සිදු කිරීම හේතුවෙන් බදුල්ල පොලිස් ස්ථානයේ කොට්ඨාස රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයාට ප්‍රදේශවාසී ජනතාව විරෝධය පළ කර තිබෙනවා.

ඊයේ (01) රාත්‍රියේ අදාළ පොලිස් නිලධාරියා බීමත්ව යතුරපැදිය ධාවනය කර තවත් යතුරුපැදියක සහ ත්‍රිරෝද රථයක ගැටී අනතුර සිදුව තිබුණා.

බදුල්ල පොලිස් ස්ථානයේ කොට්ඨාස රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා බීමතින් යතුරුපැදිය ධාවනය කරන අවස්ථාවේ ඊයේ (01) රාත්‍රි 8.00 ට පමණ අනතුර සිදුව තිබුණේ බදුල්ල ප්‍රධාන පොළ භූමිය ඉදිරිපිටදීයි.

ඒ අවස්ථාවේ අධික ලෙස බීමතින් සිටි පොලිස් නිලධාරියාව ප්‍රදේශවාසීන් විරෝධය පළ කර තිබෙනවා.

අනතුරත් සමඟ විශාල පිරිසක් එම ස්ථානයට රැස්වීමත් සමඟ පොලිස් නිලධාරියාට එල්ල වූ විරෝධය තවත් තීවෘර වුණා.

ඒ අවස්ථාවේ බදුල්ල පොලීසියේ තවත් පොලිස් නිලධාරීන් පිරිසක් එම ස්ථානයට පැමිණ ඇති අතර බීමත් පොලිස් නිලධාරියාගේ ක්‍රියා කලාපයට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවයි රැස්ව සිටි ජනතාව පැවැසුවේ.

Share This