බුත්තල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් කොවිඩ් ආසාදිතයෙක් පලා යයි
බුත්තල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටි කොවිඩ් ආසාදිත පුද්ගලයකු එම ස්ථානයෙන් පලාගොස් තිබෙනවා.
අද උදෑසන මෙලෙස පලාගොස් ඇත්තේ වැල්ලවාය අයිස්පීල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු හැටපහක පුද්ගලයෙක්.
මෙම පුද්ගලයා සෞඛ්‍ය සේවයේ ඖෂධ සංයෝජකයෙකු ලෙස සේවය කර විශ්‍රාම ලැබූ අයෙක් වන අතර ඔහුට කිසියම් මානසික රෝගී තත්ත්වයකින්ද පෙලෙන බවයි බුත්තල ප්‍රාදේශීය රෝහලේ වෛද්‍ය එම් එස් පීරිස් මහතා කියා සිටියේ.
පලා ගිය කොවිඩ් ආසාදිත රෝගියා සොයා පොලිසිය සහ ආරක්ෂක අංශ විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.
![]()
![]()
![]()
![]()
![]()
