බුත්තල දී යතුරු පැදියක්, වෑන් රථයක ගැටී දරුණු අනතුරක්

බුත්තල දී යතුරු පැදියක්, වෑන් රථයක ගැටී දරුණු අනතුරක්

බුත්තල කතරගම ප්‍රධාන මාර්ගයේ, බුත්තල ඉන්ධන පිරවුම්හල ආසන්නයේ දී යතුරු පැදියක්, වෑන් රථයක ගැටීමෙන් දරුණු අනතුරක් සිදු වුණා.

අනතුරින් යතුරු පැදියේ ගමන් ගත් කාන්තාවක් බරපතල තුවාල ලබා බුත්තල ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව වැඩි දුර ප්‍රතිකාර සදහා මොණරාගල දිස්ත්‍රික් මහ රෝහලට මාරු කර යවා තිබෙනවා.

මෙසේ අනතුරට ලක් වී ඇත්තේ බුත්තල ප්‍රදේශයේම පදිංචි කාන්තාවක්.

මෙම අනතුර සිදු වන ආකාරය ආරක්ෂිත කැමරාවක සටහන්ව තිබුණා.

Share This