බුර්කිනා ෆාසෝහි හමුදා මුරපොළකට එල්ල වූ ප්‍රහාරයකින් සොල්දාදුවන් 33ක් මරුට

බුර්කිනා ෆාසෝහි හමුදා මුරපොළකට එල්ල වූ ප්‍රහාරයකින් සොල්දාදුවන් 33ක් මරුට

ඊසානදිග බුර්කිනා ෆාසෝ හි හමුදා මුරපොළකට ඉස්ලාමීය සටන්කාමීන් යැයි සැක කරන පිරිසක් විසින් එල්ල කළ ප්‍රහාරයකදී සොල්දාදුවන් 33 දෙනෙකු මිය ගිය බවට වාර්තා වී ඇති බව එරට හමුදාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා.

සොල්දාදුවන් රැසක් මිය ගිය බවට වාර්තා වූ සතියක කාලයකට පසු සිදුවූ දෙවන ප්‍රහාරය මෙය බවයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ

රාජ්‍ය නොවන සංවිධාන පවසන්නේ දීර්ඝ කාලීනව පවතින මෙම ගැටුම්වලින් සිවිල් වැසියන් සහ සොල්දාදුවන් 10,000කට අධික සංඛ්‍යාවක් මිය ගොස් ඇති බවයි

Share This