බූස්ස බන්ධනාගාරයට තහනම් ද්‍රව්‍ය අරගෙන ගිය නියාමකවරයා අත්අඩංගුවට

බූස්ස බන්ධනාගාරයට තහනම් ද්‍රව්‍ය අරගෙන ගිය නියාමකවරයා අත්අඩංගුවට

බූස්ස බන්ධනාගාරය තුළට තහනම් ද්‍රව්‍ය රැගෙන ගිය බන්ධනාගාර නියාමකවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම නිලධාරියා සිය රාජකාරී හිස් වැස්ම තුළ රඳවා ජංගම දුරකථන චාජරයක් බන්ධනාගාරය තුළට රැගෙන යාමට උත්සහ කිරීමේදී පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් ඔහු අත්අඩංගුවට ගත් බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා සඳහන් කළේ.

බූස්ස බන්ධනාගාර අධිකාරිවරයාගේ උපදෙස් මත සැකකාර නිලධාරියා ගාල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර කර ඇති අතර නිලධාරියාගේ වැඩ තහනම් කර තිබෙනවා.

Share This