
බෙන්තොට ගඟේ අතුරුදන් වූ දෙදෙනා සොයා මෙහෙයුම්
බෙන්තොට ගඟේ බෝට්ටු දෙකක් එකිනෙක ගැටී සිදුවූ අනතුරෙන් අතුරුදන් වූ පුද්ගලයින් දෙදෙනා සොයා මෙහෙයුම් දියත් කර තිබෙනවා.
ඊයේ (22) රාත්රී කාලයේ සිදු වූ මෙම අනතුරෙන් අතුරුදන්ව ඇත්තේ කළුවාමෝදර හා වැලිපැන්න ප්රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙක්
දියේ ගිලී අතුරුදන්වූවන් සොයා ගාල්ල නාවික හමුදා කඳවුරේ නිලධාරීන් හා ප්රදේශවාසීන් එක්ව තවදුරටත් මෙහෙයුම් දියත් කර ඇති බවයි පොලිසිය පැවසුවේ