
බේකරි සේවක සැක කටයුතු ලෙස මියගිහින්
කළුතර උතුර වස් කඩුව ප්‍රදේශයේ බේකරි සේවකයෙකු එහි පඩිපෙළක් අසල සැකකටයුතු ලෙස මියගොස් තිබියදී හමු වූ බව කළුතර උතුර පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ මතුගම අගලවත්ත ප්‍රදේශයේ පදිංචි 42 ඇවිරිදි රවී කුමාර නමැති පුද්ගලයෙකු බවයි පොලිසිය සඳහන් කළේ.
අදාළ බේකරියේ හිමිකරු විසින් පොලීසියට සිදුකළ දැනුම්දීමක් අනුව සිද්ධිය සම්බන්ධයෙන් කළුතර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් පැමිණ මූලික පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
සිදුකළ මූලික පරීක්ෂණවලින් පසු මරණය මනුෂ්‍ය ඝාතනයක් ද යන්න සම්බන්ධයෙන් සැක කර පරීක්ෂණ සිදු කරන බව පොලිසිය කීය.
කළුතර උතුර ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දමිත් ජයතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් අපරාධ අංශ නිලධාරීන් සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.