බේරුවල වරායේ ධීවරයින් දෙපිරිසක් අතර උණුසුම් තත්ත්වයක්
අද (02) බේරුවල වරායේ ධීවර කටයුතුවල නියැලෙන දෙපිරිසක් අතර උණුසුම් තත්ත්වයක් ඇති වී තිබෙනවා.
දකුණු පළාතෙන් එනම් හික්කඩුව, බලපිටිය අම්බලන්ගොඩ වැනි ප්‍රදේශවලින් ධීවර කටයුතු සඳහා පිටත්වන ධීවරයින්ගේ බෝට්ටු බේරුවල වරායට ගෙන ඒම හේතුවෙන් මෙම උණුසුම් තත්ත්වය ඇති වී තිබෙන බව සඳහන්.
මෙසේ දකුණු පළාතේ ධිවරයින් ඔවුන්ගේ බෝට්ටු බේරුවල වරායට ගෙන ඒමට බේරුවල ප්‍රදේශයේ ධීවරයින් ඉඩ නොදෙන බවයි වාර්තා වන්නේ.
කෙසේවෙතත් මෙම උණුසුම් තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිසියද මැදිහත් වී ඇති බව සඳහන්.
එහිදී පොලීසිය විසින් දෙපාර්ශ්වයට තාවකාලික විසඳුමක් ලබාදුන්නද තවම එම උණුසුම් තත්ත්වය විසඳී නොමැති බවයි අප වාර්තාකරු සඳහන් කර සිටියේ.