බේරුවලින් මුහුදු ගිය ධීවරයකුට අකුණක් වැදී මරුට

බේරුවලින් මුහුදු ගිය ධීවරයකුට අකුණක් වැදී මරුට

ධීවර යාත්‍රාවකට අකුණු සැර වැදීමෙන් එහි ගමන්ගත් ධීවරයෙකු මියගොස් අනෙක් තවත් ධීවරයකු තුවාල ලබා රෝහලේ ගතකර ඇති බව පොලිසිය පවසනවා.

පොලිසිය පවසන්නේ අනතුරෙන් මියගොස් ඇත්තේ මග්ගොන , කපුගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටී හෙට්ටිආරච්චි දිශාන්ත නමැති 41 හැවිරිදි තිදරු පියෙකු බව.

ධීවරයින් දෙදෙනා ඊයේ(06) රාත්‍රී එක්දින ධීවර යාත්‍රාවකින් මුහුදු ගොස් සිටියදී අනතුර සිදුව ඇති බව පොලිසිය පැවසුවා.

මේ වන විට මෘත දේහයේ බේරුවල ප්‍රාදේශීය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කොට ඇති අතර තුවාලකරු ද බේරුවල රෝහලට ඇතුළත් කොට තිබනවා.

 

 

Share This