
බොරතෙල් මිල ඉහළට
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඊශ්‍රායලය – ඉරාන යුද ගැටුම් හේතුවෙන් ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව අද දිනයේ එහි මිල 9%ක අගයකින් ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එය පසුගිය මාස 5තුළ වාර්තාවූ ඉහළම අගයයි.
ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් අ.ඩො 6.29කින් ඉහළ ගොස් ඇති අතර එහි නවතම මිල අ.ඩො. 75.65 ක්.