බොලිවියාවේ විපක්ෂ නායකවරයා අත්අඩංගුවට

බොලිවියාවේ විපක්ෂ නායකවරයා අත්අඩංගුවට

ත්‍රස්තවාදී චෝදනා මත දක්ෂිනාංශික විපක්ෂ නායකයෙකු වන Luis Fernando Camacho බොලිවියානු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා .

Luis Fernando Camacho යනු රටේ ධනවත්ම කලාපය වන Santa Cruz හි ආණ්ඩුකාරවරයායි.

ඔහු 2019 දී ජනාධිපති Evo Morales බලයෙන් පහ කිරීමට කටයුතු කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

Camacho මහතා මාසයකට වැඩි කාලයක් සැන්ටා කෲස් හි රාජ්‍ය විරෝධී වැඩ වර්ජනයකට නායකත්වය දී ඇති බවද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

ඔහුගේ ආධාරකරුවන් ඔහු අත්අඩංගුවට ගැනීම පැහැර ගැනීමක් ලෙස හෙළා දකිමින් ඊට විරෝධය පළ කර වීදි බැස තිබෙන බවද විදෙස් මාධ්‍ය පවසනවා

 

Share This