බොලිවුඩ් ප්‍රවීන කැමරා අධ්‍යක්ෂවරයෙකු වන කබීර් ලාල් ලංකාවට

බොලිවුඩ් ප්‍රවීන කැමරා අධ්‍යක්ෂවරයෙකු වන කබීර් ලාල් ලංකාවට

ඉන්දියාවේ ප්‍රවීනතම කැමරා අධ්‍යක්ෂවරයෙකු වන කබීර් ලාල් මහතා , ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කෙරෙන සංගීතමය වීඩියෝ ( Music Video ) දෙකක කැමරා අධ්‍යක්ෂණය සදහා ඊයේ (12) සවස කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.

ඔහු ඉන්දීය බොලිවුඩ් සිනමාවේ දැවැන්තයින් , එරට සිනමා ක්ෂේත්‍රයට හදුන්වා දීම සදහා සිය කැමරා කාචය යොදා ගත් සිනමාවේදියෙක් .

එසේම ද්‍රවිඩ , තෙළිඟු , හින්දි සිනමා ක්ෂේත්‍ර වල මෙන්ම ඇමෙරිකානු සහ යුරෝපීය චිත්‍රපට ක්ෂේත්‍රයද දිග්විජය කළ කැමරා අධ්‍යක්ෂවරයෙක් ලෙස ඔහුගේ නම ප්‍රකටයි.

කබීර් ලාල් මෙරට නවක නිළියන් දෙදෙනෙකු ඉන්දීය බොලිවුඩ් සිනමාවට හදුන්වා දීම සදහා මෙම සංගීතමය වීඩියෝ නිර්මාණය කෙරෙන අතර ඒවා ගල්කිස්ස ප්‍රදේශයේ රූ ගත කිරීමට නියමිතයි.

කබීර් ලාල් සමග තවත් ඔහුගේ සහායකයින් 05 දෙනෙකු ද ඉන්දියාවේ මුම්බායි නුවර සිටී ඊයේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.

 

 

Share This