බෝගල මිනිරන් පතලේ භූගත ආපනශාලාවක්

බෝගල මිනිරන් පතලේ භූගත ආපනශාලාවක්

බෝගල මිනිරන් පතලේ භූගත ආපනශාලාවක් විවෘත කර තිබෙන අතර එහිදී එකවර 15 දෙනකුට ආහාර ලබා ගත හැකි වනවා

මෙරට පළමු වරට පොලව මට්ටමේ සිට මීටර් 175ක් යට භූගත ආපනශාලාවක් විවෘත කිරීම විශේෂත්වයක් වනවා

වසර 150කට වඩා පැරණි බෝගල මිනිරන් පතල ලොව උසස් තත්ත්වයේ මිනිරන් අපනයනය කරමින් ඉහල නාමයක් දිනා ගෙන තිබෙනවා

එමෙන්ම මෙහි නිෂ්පාදිත මිනිරන් ජර්මනිය, ජපානය, ඉන්දියාව හා පාකිස්ථානය වැනි රටවලට අපනයනය කිරිමෙන් මෙරටට සැලකිය යුතු විදේශ විනිමයක්ද උපයනු ලබනවා

මෙම බෝගල මිනිරන් කම්හලේ වසර 23 ක කාලයක් සභාපති ධූරය දරා සිට මියගිය විජය මලලසේකර මහතාගේ 78 වන ජන්ම දිනය සමරමින් බෝගල මිනිරන් කම්හලට කළ සේවය අගයමින් පසුගියදා ඔහුගේ නමින් බෝගල පතල මලලසේකර පතල ලෙසින් නම් කරනු ලැබුවා

මෙම මිනිරන් පතල නැරඹීමට විශේෂ අවසරයක් ලබා ගත යුතු වන අතර වයස අවුරුදු 14 පහළ අයට පතල තුළට පිවිසිමට අවසර ලබා දෙන්නේ නැහැ

Share This