බෝට්ටුවක් පෙරළී ෆ්ලොරිඩාවේ 39ක් අතුරුදන්

බෝට්ටුවක් පෙරළී ෆ්ලොරිඩාවේ 39ක් අතුරුදන්

ෆ්ලොරිඩාවට ඔබ්බෙන් වූ ‘ජාවාරම්’ බෝට්ටුවක් පෙරළීම නිසා ජිවිත බොහෝ ගණනක් අහිමි වී ඇති බවට එක්සත් ජනපද වෙරළාරක්ෂක නිලධාරීන් විශ්වාස කරන බව විදෙස් මාධ්‍ය පවසනවා.

එක්සත් ජනපද වෙරළාරක්ෂක නිලධාරීන් සඳහන් කර තිබෙන්නේ සෙනසුරාදා(22) රාත්‍රියේ ෆ්ලොරිඩා වෙරළට ඔබ්බෙන් වූ බෝට්ටුවක් පෙරලීමෙන් පසු අතුරුදහන් වූ බවට සැක කරන පුද්ගලයින් 39 දෙනෙකු සොයමින් සිටින බවයි.

ෆෝට් පියර්ස් නගරයේ සිට සැතපුම් 45ක් (කිලෝමීටර් 72ක්) දුරින් බෝට්ටුවක බඳේ එල්ලී සිටින මිනිසෙක් ධීවරයින් දැකීමෙන් පසු අඟහරුවාදා(26) උදෑසන නිලධාරීන් දැනුවත් කර තිබෙනවා.

දිවි ගලවා ගත් පුද්ගලයා පවසා තිබෙන්නේ මෙම කණ්ඩායම සෙනසුරාදා(22) රාත්‍රියේ බහමාස් හි බිමිනි සිට පිටත් වූ අතර අයහපත් කාලගුණයට ගොදුරු වූ බවයි.

එහි සිටි මගීන් කිසිවෙකු ජීවිතාරක්ෂක කබා පැළඳ සිටියේ නැති බවද සඳහන් .

Share This