
බෝතලයකින් ගහලා වතුරේ ගිල්වා මිතුරා ඝාතනය කරලා
තිස්සමහාරාම පොලිස් වසමේ සඳුන්ගම ප්රදේශයේ ඇළක තිබී පුද්ගල මළ සිරුරක් සොයා ගෙන ඇතිබව පොලිසිය සඳහන් කරනවා.
ඒ තිස්සමහාරාම පොලිස් ස්ථානයට ලැබුණු තොරතුරකට අනුව කළ සොයා බැලීමකදී අනාවරණවී ඇත්තේ එය ඝාතනයක් බවයි.
මියගිය පුද්ගලයාගේම මිතුරෙක් ඇතිවූ පුද්ගලික ආරවුලක් මත බෝතලයකින් පහරදී දියේ ගිල්වා මෙම ඝාතනය සිදුකර ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
මෙලෙස ජීවිතක්ශයට පත්ව ඇත්තේ අවුරුදු 45ක් වන තිස්සමහාරාම ප්රදේශයේ පදිංචිකරුවෙක් වන අතර සිද්ධිය සම්බන්ධයෙන් අවුරුදු 24ක් වන සැකකාර මිතුරා අත්අඩංගුවට ගත් බව
තිස්සමහාරාම පොලීසිය සඳහන් කළා.