භාණ්ඩ සඳහා පාලන මිලක්?

භාණ්ඩ සඳහා පාලන මිලක්?

රජය විසින් ලබාදෙන සහන පාරිභෝගියාටද ලබාදීමට ව්‍යාපාරික ප්‍රජාව කටයුතු නොකළහොත් ඇතැම් භාණ්ඩ සඳහා පාලන මිලක් නියම කිරීමට සිදුවන බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසනවා.

පාරිභෝගික පනත සංශෝධනය කිරීම සඳහා අදාළ යෝජනා ඉදිරි සති දෙක තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බවයි අමාත්‍යවරයා පවසන්නේ.

අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (19) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

Share This